Wednesday, December 10, 2014

කවිය ඔබ - Kaviya Oba

කවිය ඔබ
තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
කවිය ඔබ

පද එකින් එක ලියවා
සිත කුරුටු ගා මැකුවා
ඔබ ලියූ කවි කියවා
මන් අසරණව උන්නා
යෞවනේ.... තනිකමක් දැනෙනා මොහොතක
සිත ඉකිගසා හැඩුවා


කවිය ඔබ...

හොර ඇහින් ඉඟි කරලා
සඳ මගෙන් සමු ගත්තා
කවි පොතම පොඩිකරලා
නිදියන්න මට සිතුනා

යෞවනේ....අත ළඟින් හිඳිනා මොහොතක
දුර ඈත බව දැනුනා......


කවිය ඔබ...

ගායනය : දීපිකා ප්‍රියදර්ශනි
පද රචනය: සුනිල් ආර්. ගමගේ
සංගීතය: රෝහණ වීරසිංහ

මේ ප්‍රථම වසන්තයයි - Me Prathama Wasanthayai

මේ ප්‍රථම වසන්තයයි
දිවි අරණේ මධු මල් පිපෙනා
බිඟු රැව් නැගෙනා
මේ ප්‍රථම වසන්තයයි......

තරු නැගෙන තුරා නිදිබර අඹරේ
සඳු නැගෙන තුරා සිටියදි අඳුරේ
ඔබ සුපුන් සඳක් සේ පායා
පහන් රැයක් වී ආවේ......


මේ ප්‍රථම වසන්තයයි...

සිත පවස දරා මිරිඟුව අතරේ
දිය පහස පතා සිටියදි කතරේ
ඔබ සිහිල් දොලක් සේ පාවී
වසන්තයක් වී ආවේ


මේ ප්‍රථම වසන්තයයි...

ගායනය : සනත් නන්දසිරි

ඔබේ නිල් නුවන් තලාවේ - Obe Nil Nuwan Thalawe

ඔබේ නිල් නුවන් තලාවේ
සැලේ... කඳුළු මිදිලා
මට ඒ මැදින් පෙනෙන්නේ
අපේ මතක මැවිලා


ඔය දෑත මාගෙ දෑතේ
සතපා ගෙවූ අතීතේ//
දෙදෙනා නොවේද දන්නේ
සිත දන් තමයි සිතන්නේ


ඔබෙ නිල් නුවන් තලාවේ...

මුලදි උනේ මුලාවයි
වැරදිම මා අතේමයි//
නොසැලී බලා එදා මෙන්
ඉඳිමි ඔබේම
නාමෙන්...


ඔබෙ නිල් නුවන් තලාවේ...

ගායනය : මිල්ටන් මල්ලවආරච්චි
Artist : Milton Mallawaarachchi