Friday, March 15, 2013

ඇරඹුමම කඳුලක් වෙලා - Arabumama Kandulak Wela

ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ තුරක් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා

දුක් බරව කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා
අරුත පසිඳින්නට කියා
අවසානයට පෙර ඈ ගියා

ඇරඹුමම කඳුලක් වෙලා...

ශෝකාන්තය එනතුරා
එහි රැ‍ඳෙන්නට සිත් නැති නියා
අනන්තය ලග මා දමා
අවසානයට පෙර ඈ ගියා
 

ඇරඹුමම කඳුලක් වෙලා...

ඇරඹුම ම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ තුරක් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා


ඇරඹුමම කඳුලක් වෙලා...


ගායනය : කසුන් කල්හාර
Artist : Kasun Kalahara

Saturday, March 2, 2013

එදා මෙදාතුර කඳුලට විවරවූ - Edha Medha Thura Kandulata Vivarawu

එදා මෙදාතුර කඳුලට විවරවූ
දෑස් පියන්පත් කවුළු වසා

ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා...

මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...

දැස් කවුළු පත් පලා කඳුළු කැට
වැහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්...

ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි
ඈත්නොවේමැයි ඒ සුවඳින්...

ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ..
හීයේ වේගෙන් අහස උසට බැදි
ආදර ලොකය හෙටත් තියේ....

ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නෙත..
ඇයි මේ ලොව මා තනිව ගියේ...
ආයේ දවසක එක හිත් ඇත්තන්..
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ


Artist : Sanath Nandasiri

Saturday, February 23, 2013

මල්ලියේ නරක මිතුරන් - Malliye Naraka Mithuran

මල්ලියේ නරක මිතුරන් පිලිගන්න එපා..
නංගියේ නොහොබිනා කම් හුරු වෙන්න එපා..
බෝගම්බර සිපිරිගෙදරට එන්න එපා..
හතුරෙකුට වත් මට වන් දුක වෙන්න එපා..

දළදා මැදුරේ තේවා හඩ රැව්දෙනවා..
කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා..
සියක් වාරයක් මැරි මැරි උපදිනවා..
තිබහට වතුර වෙනුවට කදුලැලි බොනවා..


මල්ලියේ නරක මිතුරන් පිලිගන්න එපා..


ලැබුවේ අවවාද නොහිබින ආරකය..
දුදනන් නිසා විය සෙනසුරු මාරකය..
මම පෙර ගියේ වරදින් පිරි පාරකය..
ඒ ගිය මගේ අවසානය පෝරකය..


මල්ලියේ නරක මිතුරන් පිලිගන්න එපා..

ගායනය : සුනිල් එදිරිසිංහ
Artist : Sunil Edhirisinghe 

Thursday, February 21, 2013

මින්දද හී සර ‍- Mindhadha Hee Sara

මින්දද හී සර ‍වැදී සැලෙන හද
නංවන දුක් ගී ඔබ‍ට ඇසෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන්සඳ

තුරගෙකු පිට නැගි නීල වලාකුලු
ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ
පිබිදෙන දෑසින් බලා හිඳිමි මම
කුසුම් සිනා කැන් හද පුරවා


මින්දද හී සර... ‍

මෙතුවක් කල් මුව මඩල වසා සිටි
අන්ධකාර සලු පටින් මුදා
නෙත් මිණි පහනින් පහන් කරනු මැන
අනාගතේ මං පෙත පාදා


මින්දද හී සර... ‍

ගායනය : W.D.අමරදේව
Artist : W.D. Amaradhewa

අපි ඈතට ඈතට පා නගලා - Api Eathata Eathata Pa..nagala

අපි ඈතට ඈතට පා නගලා
ඝන වනන්තරේ
අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ

කාත් කවුරුවත් නෑ එන්නේ
ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ

අපි ඈතට....

කෙසේද අත් බැඳ ඇවිදින්නේ
වෙරළේ උයනේ තුරුළු වෙමින්
නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ
උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ

අපි ඈතට...


ගායනය : වික්ටර් රත්නායක 
Artist :   Victor Rathnayake

Thursday, February 14, 2013

වැහි දිය මහ බිම තෙමුවට Wahi Diya Maha Bima Themuwata

වැහි දිය මහ බිම තෙමුවට
බිම තෙමන්නේ වැහි විතරද...
රෑ අහසේ තරු තිබුනට
තරු තියෙන්නේ රෑ විතරද...
විහඟුන් කැල ගී ගැයුවට
ගී කියන්නේ උන් විතරද...
මට නුඹ විතරක් උනාට
නුඹට ඉන්නේ මං විතරද...

රෝස පතක කවි ලීවේ
සුවද දිදි තියාගන්න
මේ විදිහට ගී ගැයුවේ
ඉන්න තැනක දී ඇහෙන්න...
උස අත්තක මලක් උනේ
ගව් ගණනක් උඩින් ඉන්න
අවසානේ උරුම උනේ
මල් පොකුරක එකක් වෙන්න...


ගායනය : දීපිකා ප්‍රියදර්ශනි 
Artist : Deepika Priyadharshani

මහ වැස්සක් බිමට හලා Maha Wassak Bimata Halaa..

මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා හිඳින්න...
ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කතා කරන්න
ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න...

විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ...
කවුළු දොරින් ගෙට එන නිදි නැති අටවක සඳ
තනි යහනේ සරදම් රටා වියන්නේ...

විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේ
ඔබ මට කියාදුන්න සෙත් කවියක් කියන්න
නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුනේ..


ගායනය : සුනිල් එදිරිසිංහ
Artist : Sunil Edhirisinghe

Tuesday, January 29, 2013

සන්තාප මාවතේ - Santhapa Mawathe

සන්තාප මාවතේ 
සංවේදනා මැදුරේ
සංවේගයෙන් දන්වා සිටින්
වෙන්වීම මා ඇගෙන්...

තරුවක් ලෙසින් වැලපී හඩා රැයේ
දැරියක් හිදී තනිවී දෙමංසලේ
නොසැලී වැටී කදුලක් ඇගේ නෙතේ
හඩගා කියයි නටඹුන් අතීතයේ..

සන්තාප මාවතේ....

හසරැල් මැකී පිපිමල් මුවේ ඇගේ
සිහිලැල් සිදී හදවිල් තලේ මගේ
සද තාරකා අදුරේ නිවී ගියේ
ඇය මා සෙවූ සෙනෙහෙ නිමාව සේ..

සන්තාප මාවතේ...


ගායනය : සුනිල් එදිරිසිංහ
Artist : Sunil Edhirisinghe 

Sunday, January 27, 2013

පිණිබර යාමේ - Pinibara Yame

පිණිබර යාමේ සැවුලන් හඬලනවා
අම්මා වටකර ලිප ගිනි මැලවෙනවා
කොළඹ රේල්ලුව රජ ගමනක එනවා
නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා....//

පුතුනේ අකුරට යන්න පමාවී
ගුරු සිත රිදිලා වේවැල් හඩවාවී
ගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා
මුරණ්ඩු වුදා.... දුක්වේවී අම්මා...



පිණිබර යාමේ....


 වේල දෙව්ලේ කුසගිනි නොබලා
කඩමලුඇන්දත් පින්කඳ බැබලෙනවා
කලට රුවන් වැසි වස්සන කාලේ
ශිල්ප උගත් දා... නුඹ සක්විති වෙනවා.....
 

පිනිබර යාමේ...

ගායනය : සුනිල් එදිරිසිංහ
Artist : Sunil Edhirisinghe

Wednesday, January 23, 2013

දෙවැනි බුදුන් ලෙස - Dhewani Budun Lesa

දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල
ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ
අම්මා අම්මා අම්මා අම්මා

දෙසවන් සනහා මා නැළවූ ඔබ
මියුරු මියැසියේ අරුත කියාදුනි
ඒ මියැසිය අද මා ගයනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
අම්මා අම්මා අම්මා අම්මා


දෙවැනි බුදුන් ලෙස...


ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ
ලතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
අම්මා අම්මා අම්මා අම්මා


දෙවැනි බුදුන් ලෙස...

ගායනය : සුනිල් එදිරිසිංහ 
Artist : Sunil Edhirisinghe 

වන්නි වනපෙතේ - Wanni Wanapethe

වන්නි වනපෙතේ ගම් දනව් පුරා නිවහන
වංක ගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්

කන්ට බෑ කියා තනිවම එන්ට යැයි කියා ගමටම
බත් බුලත් නිතර දන් දුන් පියවරුන් වෙතින්
ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවක් පල දී
බින්න බැස හිඳී නගරය අසල දූ පුතුන්
කල්පකාලයක් 



වන්නි වනපෙතේ...

 
පරපුර දුන්නු දන් ඇතත් හිත තුළමාසෙකට වරක් ලැබෙනුයෙ
සොච්චමක් බැවින් කන්ට ගත් ගමන් බත් පත
කවුරුවත් එතැයි බිය වැදදොර ජනෙල් වසා තනිවම බුදිති බෝ දුකින්


වන්නි වනපෙතේ...

ගායනය : සුනිල් එදිරිසිංහ 
Artist : Sunil Edhirisinghe 

අවපස අහසක - Awapasa Ahasaka

අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ ඉම ඔබ රැඳුනේ

මාවත අවහිර නිමවා දල රළ පෙළ සැතපෙනවා
සැලමුතු සෙනෙහස මද පවනක් වී
ගැඹරේ නිම මුමුණනවා


අවපස අහසක...


දෝතක අසෙනිය ගවසා
ඔබ පෙරමග හිනැහෙනවා
විකසිත සිහිනේ සුබ කවියක්වී
දෙනෙතේ සිත ලියැවෙනවා



අවපස අහසක...


ගායනය : සුනිල් එදිරිසිංහ
Artist : Sunil Edhirisinghe 

රුදුරු තුරු වදුලේ - Rudhuru Thuru Wadhule

රුදුරු තුරු වදුලේ
තියුණු කටු අතරේ
දිලෙන සියුමැලියේ
ඔබයි ජීවන සුවඳ දෙන්නේ
‍රෝස කුසුම ‍මගේ

මහදේ රන්සුමුගේ ඔබ තබලා
නිරන්තරේ රැක ගනිමි පුබුදුවලා
සුවඳ විඳිමින් හිදිමි සෑමදා
දෑස ‍වැසෙන තුරා

රුදුරු තුරු වදුලේ...


මිහිරී රූසිරි මිහිරී ජනනියේ
සිත සැනසේ ඔබ දසුනේ
මුදුමතී මුදුමතී
සිත සැනසේ ඔබ දසුනේ


රුදුරු තුරු වදුලේ...

ගායනය : සුනිල් එදිරිසිංහ 
Artist : Sunil Edhirisinghe 

සන්නාලියනේ - Sannaliyane

සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇදුම වියන්නේ //

මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ

මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
ඊයේ ඉපදුනු කුලුදුල් දූටයි
මේ පොඩි ඇදුම වියන්නේ

සන්නාලියනේ සන්නාලියනේමේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා
කාටද ඇදුම වියන්නේ //
සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ


ගායනය : W.D.අමරදේව
Artist : WD Amaradhewa

Tuesday, January 22, 2013

අද දීගෙක ගිය නුඹ මට - Ada Dheegeka Giya Numba Mata

අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැදලා
එතෙක් සිනාවෙන් සිටිමා කොහෙදෝ තනි වීලා
නෙතේ කදුලු සිරකරගෙන සිටියෙමි ඉවසාලා
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ

මා සිටියත් ඉවසාගෙන නෙතේ කදුලු නොසලා
අප දෙන්නා දිහා බලා උන් අම්මා දැකලා
ඇගේ නෙතෙන් කඩා හැළුනු කදුලු මතක් වීලා
කවුරුත් නැති තැනකට වී හැඩුවෙමි තනිවීලා
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ

අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැදලා
එතෙක් සිනාවෙන් සිටිමා කොහෙදෝ තනි වීලා
නෙතේ කදුලු සිරකරගෙන සිටියෙමි ඉවසාලා
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ


ගායනය : සුනිල් එදිරිසිංහ
Artist : Sunil Edhirisinghe 

මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා - Maha Wassaka Pera Nimithi Penenawa

මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා
කවුළුව අතරින් හිරිකඩ එනවා
මල්පැණි වඩියක උණුසුම ලබනට
යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත
කබාය ඉරිලා ඊට කමක් නැහැ
කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන් මහළු වියේ//

පාරට බැස්සම නොවැ සීතල වැඩි තනිකම ඊට වැඩි
හිරිපොද වැස්සේ එකම කුඩය යට
තෙරපී තෙරපී අර යුවලක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොඳ හැටි මතකයි



මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා...
 
මීවිතකින් ගත උණුසුම් වූවට සිත උණුසුම් වේදෝ
එපා එපා මීවිත මගෙ දෙතොලට
එපා එපා මීවිත මගෙ දෙතොලට
ආපසු මගෙ කුටියට යනවා මා ආපසු යනවා


මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා...

ගායනය : W.D.අමරදේව
Artist : W.D. Amaradhewa

Sunday, January 20, 2013

ඇහෙනවනම් හිත හඬන තරම් - Ahenawanam Hitha Hadana Tharam

 ඇහෙනවනම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ
පෙරදින රජ මැදුරක උන්නේ
අද මා මහමග සැතපෙන්නේ

පතන පැතුම් සුළගට මුසුවේ
මියුරු වදන් කදුලේ ගොළුවේ
සතුට උපන් හැම දින වැළලේ
කුමන නැටුම්දෝ දිවි මඩලේ


ඇහෙනවනම් හිත හඬන තරම්...

අපගෙ අහිංසක ලොව බිදිලා
ඔබද අනන්තෙක ඇත බැදිලා
ගිණි දළුවා ගත වෙළෙනු පෙනේ
ඔබ මල් යහනක හිදිනු මැනේ


ඇහෙනවනම් හිත හඬන තරම්... 

ගායනය : H.R. ජෝතිපල 
Artist : H.R. Jothipala

Saturday, January 5, 2013

මියුරු කල්පනා - Miyuru Kalpana

මියුරු කල්පනා නෙතක දැල්වුනා
අමයුරු රස හසකැන් මැද සිතක් හිනවුනා
වරෙක නැලවුනා වරෙක ලතැවුනා
නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැලවුනා
මියුරු කල්පනා..

හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි..//

කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේනම්


මියුරු කල්පනා නෙතක දැල්වුනා
අමයුරු රස හසකැන් මැද සිතක් හිනවුනා

මියුරු කල්පනා...

පිණි බිඳකින් මුතු අමුණමි
දිනිසුරුගෙන් සීතල දෙමි..//
කඩුතුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්..

මියුරු කල්පනා..


ගායනය : වික්ටර් රත්නායක
Artist : Victor Rathnayaka 

Thursday, January 3, 2013

සදාකාලික නොවූ ලෝකේ - Sadhakalika Nowu Loke

සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්//

මගේ දුක දැක ඔබේ හදවත
උපන් කඳුළින් සේදිලා
ඔබේ වත නොව ඔබේ හදවත
සරා සඳ සේ පෑදිලා



සදාකාලික නොවූ ලෝකේ...

 
එදා ළඟ සිට දුටුව නුඹ නොව
මෙදා දුර සිට මා දකින්නේ
සදාකාලික නොවූ ලෝකේ
සදා කෙලෙස ද පෙම් බඳින්නේ


සදාකාලික නොවූ ලෝකේ...

ගායනය : සුනිල් එදිරිසිංහ 
Artist : Sunil Edhirisinghe