Sunday, January 20, 2013

ඇහෙනවනම් හිත හඬන තරම් - Ahenawanam Hitha Hadana Tharam

 ඇහෙනවනම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ
පෙරදින රජ මැදුරක උන්නේ
අද මා මහමග සැතපෙන්නේ

පතන පැතුම් සුළගට මුසුවේ
මියුරු වදන් කදුලේ ගොළුවේ
සතුට උපන් හැම දින වැළලේ
කුමන නැටුම්දෝ දිවි මඩලේ


ඇහෙනවනම් හිත හඬන තරම්...

අපගෙ අහිංසක ලොව බිදිලා
ඔබද අනන්තෙක ඇත බැදිලා
ගිණි දළුවා ගත වෙළෙනු පෙනේ
ඔබ මල් යහනක හිදිනු මැනේ


ඇහෙනවනම් හිත හඬන තරම්... 

ගායනය : H.R. ජෝතිපල 
Artist : H.R. Jothipala

Saturday, January 5, 2013

මියුරු කල්පනා - Miyuru Kalpana

මියුරු කල්පනා නෙතක දැල්වුනා
අමයුරු රස හසකැන් මැද සිතක් හිනවුනා
වරෙක නැලවුනා වරෙක ලතැවුනා
නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැලවුනා
මියුරු කල්පනා..

හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි..//

කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේනම්


මියුරු කල්පනා නෙතක දැල්වුනා
අමයුරු රස හසකැන් මැද සිතක් හිනවුනා

මියුරු කල්පනා...

පිණි බිඳකින් මුතු අමුණමි
දිනිසුරුගෙන් සීතල දෙමි..//
කඩුතුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්..

මියුරු කල්පනා..


ගායනය : වික්ටර් රත්නායක
Artist : Victor Rathnayaka 

Thursday, January 3, 2013

සදාකාලික නොවූ ලෝකේ - Sadhakalika Nowu Loke

සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්//

මගේ දුක දැක ඔබේ හදවත
උපන් කඳුළින් සේදිලා
ඔබේ වත නොව ඔබේ හදවත
සරා සඳ සේ පෑදිලා



සදාකාලික නොවූ ලෝකේ...

 
එදා ළඟ සිට දුටුව නුඹ නොව
මෙදා දුර සිට මා දකින්නේ
සදාකාලික නොවූ ලෝකේ
සදා කෙලෙස ද පෙම් බඳින්නේ


සදාකාලික නොවූ ලෝකේ...

ගායනය : සුනිල් එදිරිසිංහ 
Artist : Sunil Edhirisinghe