Sunday, February 12, 2023

Parata Kittuwa - පාරට කිට්ටුව

පාරට කිට්ටුව දෙල් ගස මුදුනේ 

රට වටිනා ලිය දෙල් නෙලනා

අතේ තිබුනු රන් සුලැඟිලි තණ්ඩිය 

අත්තෙං අත්තට මාරු වෙනා..//


කනේ තිබුනු රන් පුස්කොල තෝඩුව 

ගුවන් තලේ උඩ නාද කරනා

අම්මාට පින් ඇත 

මේ දුව තැනුවාට

මහ මුහුදේ බැස දිය නානා..//


මුහුණ මුකුළු මුවරද ළඳුනේ මගෙ 

මුහුණ බලන්නැති කරුණ කිමා

මුහුණ පිරූ යස සිනා මකා නුඹ

මුහුණ වසන් කල කරුණ කිමා

මුහුණ කන්න ආ රකුසෙකු නොව මම 

මුහුණ බලාපන් මෙන්න මෙමා..//


ඉන්න හිටින්නට ගේ දොර ඇත මට 

සොරබොර වැව් ඉස්මත්තෙ සොඳින් 

කන්න අඳින්නට දෙන්නට හැක මට 

අම්මට බය නැති වෙන්ට කියන්..//


දෙන්න කියන් කරකාරෙ බඳින්නට නැකතට එන

බක් මහට කලින් නැකතට එන බක් මහට කලින්


පාරට කිට්ටුව දෙල් ගස මුදුනේ රට වටිනා ලිය දෙල් නෙලනා

අතේ තිබුණු රන් සුලැඟිලි තණ්ඩිය 

අත්තෙන් අත්තට මාරුවෙනා..//


කනේ තිබුණ රන් පුස්කොල තෝඩුව ගුවන් තලේ උඩ නාද කරනා

අම්මාට පිං ඇත මේ දුව තැනුවට

මහ මුහුදේ බැස දිය නානා..//

Monday, February 6, 2023

ඔබ මුලින් දුටුව දින මා - Oba Mulin Dutuwa Dina Ma

ඔබ මුලින් දුටුව දින මා

මුලු හදවතින්ම බැදුනා

මතකයි එදිනෙ රහසේ දැනුනා ආදරේ..

හිත ඔබ ලගින්ම රැදුනා

මට කියා දෙන්න සිතුනා

තාමත් පවසා ගනු බෑ මහදේ ආදරේ..


ආදරේ...ආදරේ...ආදරේ...ආදරේ...//

ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත

සගවා ගනු බැනේ ආදරේ...//


කිසිවෙකුත් නොමැත අසලා

කාටවත් නොමැත කියලා

මාගෙන් කිසිදා නොඇසු නොකියු ආදරේ

සුරගනක් ලෙසින් දකිනා

සුභ දසුනකි මන බදිනා

ඔබගෙන් තව නෑ ලැබුනේ පතනා ආදරේ

ආදරේ...ආදරේ...ආදරේ...ආදරේ...


සිහිනෙනුත් ඔබව දුටුවා

සැබැවිනුත් ඔබව දුටුවා

දෙනෙතින් ඔබගෙ දුටුවෙ ලදුනෙ ආදරේ

තනිකමෙන් පාලුවෙන් මා

අද ගෙවන දිවිය සැමදා

ලැබුනොත් සැනසෙයි හිමිවෙ ඔබගේ ආදරේ

ආදරේ...ආදරේ...ආදරේ...//


ගායනය : Sohan Weerasinghe

පද රචනය: Hemasiri Halpita

සංගීතය: 

Wednesday, December 10, 2014

කවිය ඔබ - Kaviya Oba

කවිය ඔබ
තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
කවිය ඔබ

පද එකින් එක ලියවා
සිත කුරුටු ගා මැකුවා
ඔබ ලියූ කවි කියවා
මන් අසරණව උන්නා
යෞවනේ.... තනිකමක් දැනෙනා මොහොතක
සිත ඉකිගසා හැඩුවා


කවිය ඔබ...

හොර ඇහින් ඉඟි කරලා
සඳ මගෙන් සමු ගත්තා
කවි පොතම පොඩිකරලා
නිදියන්න මට සිතුනා

යෞවනේ....අත ළඟින් හිඳිනා මොහොතක
දුර ඈත බව දැනුනා......


කවිය ඔබ...

ගායනය : දීපිකා ප්‍රියදර්ශනි
පද රචනය: සුනිල් ආර්. ගමගේ
සංගීතය: රෝහණ වීරසිංහ