Sunday, February 12, 2023

Parata Kittuwa - පාරට කිට්ටුව

පාරට කිට්ටුව දෙල් ගස මුදුනේ 

රට වටිනා ලිය දෙල් නෙලනා

අතේ තිබුනු රන් සුලැඟිලි තණ්ඩිය 

අත්තෙං අත්තට මාරු වෙනා..//


කනේ තිබුනු රන් පුස්කොල තෝඩුව 

ගුවන් තලේ උඩ නාද කරනා

අම්මාට පින් ඇත 

මේ දුව තැනුවාට

මහ මුහුදේ බැස දිය නානා..//


මුහුණ මුකුළු මුවරද ළඳුනේ මගෙ 

මුහුණ බලන්නැති කරුණ කිමා

මුහුණ පිරූ යස සිනා මකා නුඹ

මුහුණ වසන් කල කරුණ කිමා

මුහුණ කන්න ආ රකුසෙකු නොව මම 

මුහුණ බලාපන් මෙන්න මෙමා..//


ඉන්න හිටින්නට ගේ දොර ඇත මට 

සොරබොර වැව් ඉස්මත්තෙ සොඳින් 

කන්න අඳින්නට දෙන්නට හැක මට 

අම්මට බය නැති වෙන්ට කියන්..//


දෙන්න කියන් කරකාරෙ බඳින්නට නැකතට එන

බක් මහට කලින් නැකතට එන බක් මහට කලින්


පාරට කිට්ටුව දෙල් ගස මුදුනේ රට වටිනා ලිය දෙල් නෙලනා

අතේ තිබුණු රන් සුලැඟිලි තණ්ඩිය 

අත්තෙන් අත්තට මාරුවෙනා..//


කනේ තිබුණ රන් පුස්කොල තෝඩුව ගුවන් තලේ උඩ නාද කරනා

අම්මාට පිං ඇත මේ දුව තැනුවට

මහ මුහුදේ බැස දිය නානා..//

No comments:

Post a Comment