Thursday, December 27, 2012

මහ වැස්සක් බිමට හලා - Maha Wassak Bimata Halaa

මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා හිඳින්න...
ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කතා කරන්න
ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න...

විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ...
කවුළු දොරින් ගෙට එන නිදි නැති අටවක සඳ
තනි යහනේ සරදම් රටා වියන්නේ...


මහ වැස්සක් බිමට හලා...

විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේ
ඔබ මට කියාදුන්න සෙත් කවියක් කියන්න
නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුනේ..


මහ වැස්සක් බිමට හලා...

ගායනය : සුනිල් එදිරිසිංහ
Artist : Sunil Edirisinghe 

Friday, December 21, 2012

මං හින්දා ඔබේ - Man Hinda Obe

මං හින්දා ඔබේ නෙතගින් කඳුලක් හෙලන්නෙපා
මං හින්දා ඔබේ හද තුල සුසුමක් නැගෙන්නෙපා
ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා

අහස් මාලිගා නැහැ ඔබ නිසා මැවී
සැක සංකා නැහැ ඔබ ගැන සිතේ රැඳී
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා
උරණ නොවන්නම් ඔබ අන්සතු වු දා

මං හින්දා...

අතැඟිලි බන්දන නොපතමි පෙමින් බැඳී
ඔබ සිරකරලන දොරගුළු දමනු බැරී
නෑ කුල සිරිතෙන් සැලෙනා පෙමක් නොවේ
පෙමට පෙමින් යන පෙම් ලොව මෙයයි අපේ

මං හින්දා...


ගායනය : ගුණදාස කපුගේ/මාලනී බුලත්සිංහල
Artist : Gunadasa Kapuge/Malani Bulathsinhala

Thursday, December 20, 2012

මහ වරුසාවට - Maha Warusawata

මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එලියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි

ඇළ දොළ පාමුල ගොළුවුන ගීයකි
අප හදවත් බැඳී සොඳුරු සෙනේ
අද නොදකින ඔබ හෙට දකිනා තුරු
මග බලමින් මා සිත ලතැවේ

මහ වරුසාවට...

ඔබ මට හමුවුන මල්බර මාවත
වෙනදාටත් වැඩියෙන් සුවඳයි
විටකදි නැගුනත් සැක බිය සෝකය
පිවිතුරු සෙනෙහස හද උතුරයි

මහ වරුසාවට...


ගායනය : සෝමතිලක ජයමහ
Artist : Somathilaka Jayamaha

වහින්නට හැකිනම් - Wahinnata Hakinam

වහින්නට හැකිනම් ගිගුම් දී
වියලි ගම්බිම් වලට ඉහලින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොයිදෙන පැලක රහසින්

රැදෙන්නට හැකිනම් ළමා කැල
හඬන දෙතොලඟ සිනාවක් වී
පිපෙන්නට හැකිනම් තුරින් තුර
නෙලා ගත හැකි වන මලක් වී

වහින්නට හැකිනම්...

නිදන්නට හැකිනම් දෙනෙත් තුල
සැබෑවෙන සුභ සිහිනයක් වී
ගැයෙන්නට හැකිනම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී

වහින්නට හැකිනම්...


ගායනය : නන්දා මාලනී
Artist : Nanda Malani

Friday, December 14, 2012

එපා තවත් ඔබ මා රවටන්නට

එපා තවත් ඔබ මා රවටන්නට 
ඇගේ සෙවන මුදු මල් යහනාවක් නම්
ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී
අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවී

තව මොහොතක් හෝ මේ පෙම් රංගනයේ 

නිළියක වනු පල නෑ
ප්‍රේමය කිමදැයි ඔබෙන් උගත මුත්
එහිම අරුථ ඔබ තව වටහාගෙන නෑ
 

එපා තවත් ඔබ මා රවටන්නට...

මිරිඟු දිය සොයා මුවැත්තියක විලසේ 

තව දිව යනු රිසි නෑ
අවසන් පෙම් කඳුළත් පුද දුන් පසු
ඔබට පුදන්නට මා ළඟ සෙනෙහස නෑ


එපා තවත් ඔබ මා රවටන්නට...

ගායනය : වසන්තා තිලකාන්ගනී

දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි

දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි
සැප දුක සොයා බලන්න
මගේ දුරකතනයේ අංකය මතකද
මොහොතක් කතා කරන්න....

රුව දැක ගැන්මට පින් නැත දැන් මට
මතක් උනත් සන්තොෂයි
කෙලින්ම සවනට වැටෙන ඔබේ හඩ
අහගන්නට හරි ආසයි.......

දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි...

ඇසිපිය හෙලනා තරමට වැඩියෙන්
ඔබ ගැන මට සිහිවෙනවා.....
ඉකිබිඳ හඩනා කිරි දරුවෙකු මෙන්
මගෙ හදවත වැලපෙනවා......

දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි...

ගායනය : මිල්ටන් පෙරේරා

හිමින් සැරේ පියා විදා - Hemin Sare Piya Vidha

හිමින් සැරේ පියා විදා...
හිමින් සැරේ පියා විදා...
සුමුදු සයනේ සිනිඳූ ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්

මලක් නම් එය මලක් වුව මැන
සිනිඳූ සුකොමල... රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳූවර... දියෙන් උපදින


හිමින් සැරේ පියා විදා...

නැවුම් වත්සුනු රොනින් මත් වී
සිහින නිම්නය... සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා... පවුරු සිරි යහනේ


හිමින් සැරේ පියා විදා...

ගායනය : T.M.ජයරත්න සමගින් සුනිලා අබේසේකර
Artist : T.M. Jayarathna & Sunila Abeysekara



අම්මාවරුනේ… - Ammawarune...

අම්මාවරුනේ…අම්මාවරුනේ…
සම්මා සම්බුදු අම්මාවරුනේ...
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා…ඒ කඳුළැලි පිසිනා



අම්මාවරුනේ…අම්මාවරුනේ…

අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ


අම්මාවරුනේ…අම්මාවරුනේ…

සෙනෙහස වැඩි දා සිතද බොළඳ වේ
ලොවම ආදරේ කියා සිතේ
මායාවක්වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේ


අම්මාවරුනේ… අම්මාවරුනේ…

ගායනය : නන්දා මාලනී 
Artist : Nandha Malani

අමා දහර දිය - Ama Dhahara Dhiya

අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා
සිය හඬින් ලොවට සිහ නද පතුරා
ලෝ සත අතරින් ජනිත වුණා
සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා
මැදුම් පිළිවෙතින් අමා සුව ලබා
දහම් සුවඳ මල් දසතම පතුරා
සියලු කෙලෙස් මැඩ බුදුවූවා


අමා දහර.....


ජීවිතයේ ඇති නොනිමි අතිර බව
ලොවට පැතිරූ කරුණාවේ දම ගැන
සියළු සතුන් සදහම් රස වේ
කරුණාබර නෙත නිවී ගියා....


අමා දහර......

ගායනය : වික්ටර් රත්නායක
Artist : Victor Rathnayake

Thursday, December 13, 2012

චන්ද්‍රමණ්ඩලේ සැතපුණ - Chandramandale Sathapuna

චන්ද්‍රමණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුණ සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුබ ගියේ කියපන් පුංචි සාවියේ

ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මගතොට පාර වැරදුණේ

අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

චන්ද්‍රමණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ

මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සින්දු කිව් වෙලේ
හීනෙනුත් හිතුණේ නෑ මට මොකද කාරණේ
පාර මතකනම් තාමත් ගේ ලඟයි දුවේ


චන්ද්‍රමණ්ඩලේ........

ගායනය : සුනිල් එදිරිසිංහ
Artist :  Sunil Edhirisinghe

හන්තානට පායන හඳ - Hanthanata Payana Handa

හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න


අදුරු ලළා වහිනා කළ සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කළ එපා තනිය දැනෙන්න

 

හන්තානට පායන හඳ...

ළතා මඬුළු අතවනාවී එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න


හන්තානට පායන හඳ...

ගායනය : අමරසිරි පීරිස්
Artist : Amarasiri Peiris

ඔබ දන්නවනම් - Oba Dannawanam

ඔබ දන්නවනම් එක කඳූළු බිඳක්
හිතයටට වෙලා දුක්විඳීන තරම්
ඒ කඳූල වුණත් නෙතු අගට ඇවිත්
යළි ඔබේ පයට පෑගෙනවා නම්

එක මලක් තනන්නට රුවට රුවින්
ගහ වැල දුක් ගින්දර විඳීන තරම්
ඒ පිපෙන මලක් කළු දෙබරු ඇවිත්
විෂ තුඩින් පෙළා රිදවනවා නම්

දස මසට වඩා පුරනා පෙරුමන්
ලොව හදන වඩන මව්වරුනි උතුම්
මට කියාදෙන්න ලොව ඇතිද ඉතින්
වෙන අරුතක් මේ ජීවිතය තරම්......


ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
Artist : Karunarathna Diulgane

සුවද දැනි - Suwanda Dhani

සුවද දැනි දැනී ‍දැනෙනවා
උදා හිරු එළියේ අලුත් ඉරක් දෝ මේ
හිතට ගලනවා හීත බිඳු ‍බිඳු
හීන් පිණි හුලගේ හිනස්සා හීත හැගුම්

ඊයේ නොදුටුව ලස්සන ලෝකට අද කොයින් හෝ
හෙමිහිට ඇවිදින් මිදුල‍ දි‍ගේ මට තුරුලු වෙනවා
ජීවිතේ සුන්දරද මෙතරම්
 

සුවද දැනි...

රෑන රෑන එන පාට පාට සමනළයෝ
පේන පේන මල සිපගන්නෝ
ආදරේ ඔච්ච‍ම් කර කර හංකිති කවනා ආදරේ
‍බලාපොරොත්තුව දෝත දරා මග බලා හිදි ඔබ එනතුරා
ආයෙ හෙට දවසක් තියේවි අද ‍‍වාගේ
ජීවිතේ සුන්දරද මෙතරම්


සුවද දැනි...

ගායනය : රූකාන්ත ගුණතිලක 
Artist : Rukantha Gunathilake

කලේ පැන් ඇත - Kale Pan Atha

කලේ පැන් ඇත නැවුම් රහ නැත
මොකද මන්දා ලිඳට වූයේ
පුළුස්සගත් රොටි‍ය කරවී
මොකද මන්දා ලිපට වූයේ
හදාගත් ලුණු මිරිස රහ නැත
මොකද මන්දා දිවට වූයේ..

සැලේ ගහකොළ සුළඟ ඇත එද
සිහිළ කොයි අත ගියාදෝ
කෝල බව මුසු සිනා හඬ නැත
සවන් බිහිරිව ගියාදෝ...


කලේ පැන් ඇත...

පුරුදු නිවහන නුහුරු වීනම්
කාට මේ ගැන කියන්නෙම්
කාට මේ ගැන කියන්නෙම් මම
බිරින්දෑ නෑ ගම් ගොහින්..


කලේ පැන් ඇත...

ගායනය : සුනිල් එදිරිසිංහ
Artist : Sunil Edhirisinghe

මුතු කුඩ ඉහලන - Muthu Kuda Ihalana

මුතු කුඩ ඉහලන මල් ‍වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහිලේනී
එබී බලා....
රිය කවුලු දොරින්
යටගිය දවසේ
දෑස ගි‍යා ඉගිලී

අදුරු ලලා සෙංකඩ ගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මධු ‍වැස්සේ
ගිය දෙදෙනා අද යන‍වා දෙමන් තලේ
 

මුතු කුඩ ඉහලන...

රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
නහවයි මා රියසක මඩ වතුරේ
නෑ සිත රිදුනේ
අදත් එදා සිහිවී
‍අපේ සබදකම් ‍නෑ රිය සක දන්නේ


මුතු කුඩ ඉහලන...

ගායනය : රෝහන වීරසිංහ 
Artist : Rohana Weerasinghe

ලා දළු බෝ පත් - La Dhalu Bo Path

ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ
යශෝදරා දේවී...වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී...

ලේන කුලේ සිට ආගිය මඟ තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වීනිවන් දකින තුරු මේ සංසාරේ
පසු පස ආවා සෙවනැල්ලක් වී...


ලා දළු බෝ පත්...

තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ලඟ යශෝදරාවෝ
පිපී නිවන් මල් සාධුකාර දීනිවී පහන් විය උදෑසනක් සේ..


ලා දළු බෝ පත්...

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ 
Artist : Karunarathna Diulgane

මලක් උනේ ඇයි ඔබ මට - Malak Une Ai Oba Mata

මලක් උනේ ඇයි ඔබ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්...

විලක් උනේ ඇයි ඔබ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්...


මලක් උනේ ඇයි ඔබ මට...

පහන් තාරකාවක් සේ ජීවිතයට මග කීවද...
ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසින්...


මලක් උනේ ඇයි ඔබ මට...

සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිවුවද...
ඒ ගීයේ සොඳුරු වදන් මුමුණනු කෙලෙසින්...


මලක් උනේ ඇයි ඔබ මට ...

ගායනය : අමරසිරි පීරිස්
Artist : Amarasiri Peiris

ශිල්ප සොඳින් - Shilpa Sodhin

ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ

හැන්දෑ අවරට දැක්කද නංගෝ
තුරුළු වෙලා ඉන්නා ජෝඩූ
රංචු මිසක තනියෙන්ම නොයන්නේ
ඒ නුවරට උඹ කිරිකෝඩූ


ශිල්ප සොඳින්...

නාමල් සුවඳක් පෙරදා වාගේ
අද නැහැ නොවැ ඇළ ඉස්මත්තේ
නාමල් සුවඳට බඹරු ඇදේදෝ
මගතොට නුඹ යනෙනා වාරේ


ශිල්ප සොඳින්...

ගායනය : සුනිල් එදිරිසිංහ 
Artist : Sunil Edhirisinghe

සැන්දෑ වලාවන් - Sandha Walawan

සැන්දෑ වලාවන් පා වුනා‍වේ
වැල්‍‍‍‍‍‍‍‍ලේ මා තනි වු ‍‍‍වෙලේ
ඇය එන්නේ දෝ මග එන්නේදෝ
සිතහි නම් සැකයක් ඇ‍තේ

මාගේ සැනසුම ඈ වේ
නිරතුරු හමුව‍න්නේ කොහෙ‍දෝ යළි
පැතුමන් මගේ සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ


සැන්දෑ වලාවන්...

ජීවේ වෙරළින් ආවේ
ඔබවයි මා සිත පිළිගන්නේ
පැතුමන් මගේ සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ


සැන්දෑ වලාවන්...

ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන  
Artist : Clerance Wijewardhana

දිළිඳුනේ දරුවනේ මගේ - Dhilindune Dharuwane Mage

අම්මා.. පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ..

දිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ..
අම්මා.. පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ..
හැඩවෙවී රස පිරී ඉතිරී ලොවක් නළවන සේ..
අම්මා.. පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ..

කිරි තොල් හමුවේ ඔබ පෙව් කිරිවල,
සිරුරේ ලේ වැල් මල් දැරුවා..
ඒ පෙව් කිරිවල පව් අරවන්නට,
අම්මේ මදි මම පිං කෙරුවා..
ඔබගේම දරුවන් රජුන් කරන්නට,
හැඬුවාය සිහිනෙන් පවා..


දිළිඳුනේ දරුවනේ මගේ...

පුර හඳ පායන පුන් පෝ දා,
රහසින් රහසින් ඔබ හැඬුවා..
හිරු රැස් පායන හිමිදිරියේ,
රහසින් රහසින් ඔබ හැඬුවා..
ඉන්නා තැනක ඉඳ පුතුනේ කියා මට,
අමතන්න එන්නම් සොයා..


දිළිඳුනේ දරුවනේ මගේ...

ගායනය : ග්‍රේශන් ආනන්ද 
Artist : Greshan Ananda

සදාකාලික නොවූ ලෝකේ - Sadhakalika Nowu Loke

සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්//

මගේ දුක දැක ඔබේ හදවත
උපන් කඳුළින් සේදිලා
ඔබේ වත නොව ඔබේ හදවත
සරා සඳ සේ පෑදිලා


සදාකාලික නොවූ ලෝකේ...

එදා ළඟ සිට දුටුව නුඹ නොව
මෙදා දුර සිට මා දකින්නේ
සදාකාලික නොවූ ලෝකේ
සදා කෙලෙස ද පෙම් බඳින්නේ


සදාකාලික නොවූ ලෝකේ...

ගායනය : සුනිල් එදිරිසිංහ 
Artist : Sunil Edhirisinghe

තනි වෙන්නට මගේ ලොවේ - Thaniwennata Mage Lowe

තනි වෙන්නට මගේ ලොවේ 
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න ‍සොඳුරියේ ඔබෙ 

සුවඳ මා ලගින්

සිව් වසරක පෙම් ගීතය 

ගොළු වෙලා ගියාදෝ
අළුත් ලොවක ඔබ සතුටින් 

කිරුළු පැළඳුවාදෝ

තනි වෙන්නට මගේ ලොවේ...

මායාවකි ප්‍රේමය මා 

හදවත රිදවූයේ
සෝ ගීයකි දුක්බර වූ 

සැනසුම කොයි වේදෝ

තනි වෙන්නට මගේ ලොවේ...

ගායනය : වික්ටර් රත්නායක  
Artist : Victor Rathnayaka

මේ නගරය - Me Nagaraya

මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි..
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..

වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා..
නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා..
සරසවි බිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා..
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා..


මේ නගරය ...

ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා..
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා..
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා..
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා..


මේ නගරය...

ගායනය : මර්වින් පෙරේරා 
Artist : Mervin Perera

ඇරඹුමම කඳුලක් වෙලා - Arabumama Kandulak Wela

ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ තුරක් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා

දුක් බරව කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා
අරුත පසිඳින්නට කියා
අවසානයට පෙර ඈ ගියා
 

ඇරඹුමම කඳුලක් වෙලා...

ශෝකාන්තය එනතුරා
එහි රැ‍ඳෙන්නට සිත් නැති නියා
අනන්තය ලග මා දමා
අවසානයට පෙර ඈ ගියා
 

ඇරඹුමම කඳුලක් වෙලා...

ඇරඹුම ම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ තුරක් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා


ඇරඹුමම කඳුලක් වෙලා...


ගායනය : කසුන් කල්හාර
Artist : Kasun Kalahara

මගේ පුංචි රෝස මලේ - Mage Punchi Rosa Male

මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා

කළුවර රෑ සඳක් වගේ
ඇවිදින් ඔබ ඉන්නවනම්
ආසයි මම නොකී කවිය ඔබට කියන්න
තරහක් නෑ ඔබ බැස යන්න
 

මගේ පුංචි රෝස මලේ...

මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරිසරනව නම්
ආසයි මම කවුළු පියන් හැරල තියන්න
තරහක් නෑ නෑවිත් ඉන්න


මගේ පුංචි රෝස මලේ...

ගායනය : අමරසිරි පීරිස් 
Artist : Amarasiri Peiris

මේ ලොව යම් කිසිවෙකු - Me Lowa Yam Kisiweku

මේ ලොව යම් කිසිවෙකු මා හට පෙම් කල බව,
එතකොට ඒ ගී රාවය යාන්තමින් මට කියාවි.

මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව.
දුක් ගීයක් ලියනු මැනව, දුක් ගීයක් ලියනු මැනව.

නන්නාඳුන්නා ඔබගේ.
නන්නාඳුන්නා ඔබගේ අත් අකුරින් ලියනු මැනව.
දුක් ගීයක් ලියනු මැනව.
දුක් ගීයක් ලියනු මැනැව, දුක් ගීයක් ලියනු මැනව.

අඬ සඳ බැසගෙන යන සඳ සීතල අඳුරු රැයක,
අඬ සඳ බැසගෙන යන සඳ රෑහි හඬන රැව් අතරින්
එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවි


ගායනය : W.D. අමරදේව 
Artist : W.D. Amaradhewa

පිහිටක් නැති ... සරණක් නැති - Pihitak Nathi Saranak Nathi

පිහිටක් නැති ... සරණක් නැති
සතුටක් ඇති ... මුහුණක් නැති
මේ සසර දනවුවේ , අපි අසරණ වෙලා වගේ ..
හිතට දැනෙනවා ......බුදුහාමුදුරුවනේ ......

හබලක් නැති ....ඔරුවක් ඇති
මිනිසුන් වෙති ...වෙරළක් ඇති
මේ සසර දනවුවේ , අපි අසරණ වෙලා වගේ ..
හිතට දැනෙනවා ......බුදුහාමුදුරුවනේ ........


පිහිටක් නැති ... සරණක් නැති...
නිවනක් ඇති ....ගෙදරක් නැති
ගමනක් වෙති... වෙනසක් නැති
මේ සසර දනවුවේ , අපි අසරණ වෙලා වගේ ..
හිතට දැනෙනවා ......බුදුහාමුදුරුවනේ .......


පිහිටක් නැති ... සරණක් නැති...



ගායනය : ගුණදාස කපුගේ
Artist : Gunadasa Kapuge

අඳුර බිඳින්නට රැයක් දවාලු - Andura Bidhinnata Rayak Dhawalu

අඳුර බිඳින්නට රැයක් දවාලු
ලන්තෑරුම් නිවලා..
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳ හැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා..

මතකය නම් වූ මලපොත පෙරලා..
මලගිය ඊයේ සිහිපත් කළ මැන
පැතූ පැතුම් අත් මිට මොළවාගත්
දෑතෙහි දසැඟිලි දිග හැරලනු මැන
එහි මොනවද ඇත්තේ..
කිසිත් නැත, හිස් බවෙකිය ඇත්තේ..



අඳුර බිඳින්නට රැයක් දවාලු...
 
සමුදුරු ගිරිහෙල් දෙරණ තලා මැද
යෞවන විය පියවර තබනා සඳ
හිස්වන පද විත සපුරා ගන්නට
මියැසි විරාමය යළි පැමිණී ඇත
කරුමෙකි පැවසෙන්නේ..
එපමනයි, පිළිසරණය වන්නේ..


අඳුර බිඳින්නට රැයක් දවාලු...

ගායනය : වික්ටර් රත්නායක
Artist : Victor Rathnayaka 

දුක හාදු දෙන රැයේ - Dhuka Hadhu Dhena Raye

දුක හාදු දෙන රැයේ 
සිත පතුලටම වෙලා
යෞවනේ අපට විය විරහී 

හද ගිලන් වෙලා

ගහ කොළද මල් පිපේ ඇල දොල 

නිල කඩා හැලේ
පෙර දාක මිරිගු සයුරේ 

ඒ රුවට රැවටුනේ
 

දුක හාදු දෙන රැයේ ....

නන්නාඳුනන ලෙසේ මග තොට 

යලිත් හමු වෙලා
මහ මෙර හිසින් දරාගෙන අපි 

යමු දුරස් වෙලා

දුක හාදු දෙන රැයේ ....

ගායනය : ගුණදාස කපුගේ 
Artist : Gunadasa Kapuge

මුලු නුවරම නිදිගත් - Mulu Nuwarama Nidhigath

මුලු නුවරම නිදිගත් මේ මොහොතේ
ඔබ පමනක් අවදිව ඇත යහනේ
එකම හඳක් එක තරුවක් යට
එකම හඳක් එක තරුවක් යට
ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ

වන උයන් පුරා මල් සමය උදාවී
දියදම් දිනිතිය යොවුන් වියේ
අප මධුර මිලනයේ තිවු ගීරාවේ
ප්‍රාර්ථනා කරන්නේ
කවදාද අප හමුවන්නේ
කවදාද අප හමුවන්නේ
ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ


ගායනය : නන්දා මාලනී 
Artist : Nandha Malani

සුළං කපොල්ලේ - Sulan Kapolle

සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ...
කෑලි කැඩී බිඳී වැටේ නිල් කඳු රැල්ලේ...


කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී...
දැන් ඔබ ලඟ සිටී රුවක් විලස නොසෙල්ලී...
යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී...
පිලිගනු ඈ කොහි යන්ටද නැවත ඉගිල්ලී...


සුළං කපොල්ලේ...
ඇයට මවක් පියෙක් නොමැත ක්සිතිජ වළල්ලේ...
කඳුළ පමණි ඇයට උරුම දවස මුළුල්ලේ...
ඔබ තනිකඩ කුරුලු රජෙකි වෙසෙන නිදැල්ලේ...
ඇයට ළැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ...


සුළං කපොල්ලේ...

ගායනය : නන්දා මාලනී 
Artist : Nanda Malani

ගහක මල් පිපිලා පිපෙන්නේ - Gahaka Mal Pipila Pipenne

ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට හිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමී
නුඹට හිතබැදි කාරනේ මම තවම සොයන්නෙමි


කතරේ වැලිකැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පනමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්
 

ගහක මල් පිපිලා පිපෙන්නේ...

හඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම්
හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහෙකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්රේමය ඒ වගෙයි මනරම්
පුදුම වෙයි නුඹනම්


ගහක මල් පිපිලා පිපෙන්නේ... 

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ 
Artist : Karunarathna Diulgane

ඔබ හා මෙමා - Oba Ha Mema

ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා
සිපගත් එදා සිහිවෙනවා


භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
නැග ආ ස්වරේ එක්වූ දිනේ සිහිවෙනවා
නැග ආ ස්වරේ එක්වූ දිනේ සිහිවෙනවා
 

ඔබ හා මෙමා...

ඔබ මා දෙනෙත් මා ඔබේ දෙනෙත්
එක්වී වෙළී සෙනෙහස සෙවූ ඒ
සොඳූරු දා සිහිවෙනවා
ඒ සොඳූරු දා සිහිවෙනවා

 
ඔබ හා මෙමා... 

ගායනය : T.M. ජයරත්න 
Artist : T.M. Jayarathna

සුළඟ නුඹ වගේ - Sulanga Nuba Wage

සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

සිත හැඳිනුවෙත් ඔබයි
පසු පසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයි
නුඹ මගේ සිත අරන් ගියා පුදුමයක් නොවෙයි


සුළඟ නුඹ වගේ ...

සිත තනිකලෙත් නුඹයි
මගෙ සිතේ සියුම් තැන් සොය සොය රිදවුවෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදේ පුදුමයක් තමයි


සුළඟ නුඹ වගේ...

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
Artist : Karunarathna Diulgane

පුන් පෝදා සඳ - Pun Podha Sanda

පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරුමල්
එයට නෙළා පිළිගන්වන්නම්

දේදුන්නක් ඔබ මට ගෙන ආවොත්
විසිතුරු සළුවක් වියමි එයින්
පරසතු උයනේ සක්මන් කරනට
ඉන් සැරසී ඔබ හා එන්නම්


පුන් පෝදා සඳ...

බිඟු තුඩු නොවැදුනු පියුම ගෙනාවොත්
මානස විල මත පිපුනු සැණින්
නැවුම් පෙමට කිම වෙහෙසෙනු පෙම්වත
යළි උපදිමි ඒ පියුමින් මම්


පුන් පෝදා සඳ...

ගායනය : මාලනී බුලත්සිංහල 
Artist : Malani Bulathsinhala

සොදුරු අතීතයේ Sonduru Atheethaye

සොදුරු අතීතයේ නිමල පැතුම වී
මගේ හද තුල ඔබ ඉන්න ඇතී...
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමු වෙන්න ඇතී...

කදුලු සුසුම් මැද සතුටු සිනා මැද
භවය පුරා ලග ඉන්න ඇතී...
එදත් මගේ සිත අද මෙන් කැපවී
ඔබේ නමට පුද දෙන්න ඇතී.....


සොදුරු අතීතයේ නිමල පැතුම වී...

නොසැලී නොතැවී බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඇතී....
ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමු වෙන්න ඇතී.....


සොදුරු අතීතයේ නිමල පැතුම වී...

ගායනය : T.M. ජයරත්න
Artist : T.M. Jayarathna 

නින්ද නැති රැයේ - Nindha Nathi Raye

නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ

කිළිපොළා සැලී යමින් නොහිටි සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදිවී යා යුතුව තිබේ




නින්ද නැති රැයේ...
 
රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ


නින්ද නැති රැයේ...

ගායනය : ගුණදාස කපුගේ
Artist : Gunadasa Kapuge

Wednesday, December 12, 2012

ජය සිරි මා හාමුදුරුවනේ.. - Jaya Siri Ma Hamudhuruwane..

ජය සිරි මා හාමුදුරුවනේ..
දර මිටි ඇද්දා රෑ නිදි වැරුවා..
ගිණිමැල ගහගෙන රැක හිටියා..
එහෙව් අපට අද එන්ඩ තහංචිද,
ජය සිරි මා හාමුදුරුවනේ..

වැලි මළුවේ ඉඳ සාදු කියනකොට,
අහිතක් නොහිතා ඉන්ඩ හොඳයි..
ඉස්සර වාගෙම දාඩිය මුහුවුනු,
අපේ බාර පිලිගන්ඩ හොඳයි..

රන් වැට පාමුල සාදු කියනකොට,
ලෙංගතුකම් නොහිතන්ඩ හොඳයි..
බුදුහාමුදුරුවො දුටුවා වාගෙයි,
දුක ඉවසා වැඩ ඉන්ඩ හොඳයි..

ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස්  
Artist : Deepika Priyadharshani Peiris

පැන මඩ කඩිති - Pana Mada Kadithi

පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ
පෙන්වා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ

සාමා අමර විකුණති බස් පොලේ කජු
කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ


පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ....
 
රන්මසු පට පිලී අභරණ උරණ වෙලා
සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා


පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ....

ගායනය : සුනිල් එදිරිසිංහ
Artist : Sunil Edhirisinghe

බිංදු බිංදු මල් වැස්සේ - Bindu Bindu Mal Wasse

බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
ගලින් ගලට පා තබමින් දුවන්නට එපා
ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේවී

ආල හැඟුම් මං හින්දා හිතෙන්නට එපා
දෑස තෙමා ලන දුක් ගිනි නැගෙන්නට එපා
දෙමාපියන් පිට ගමකින් මට බහ දේවී

නිල් ලන්දේ ගම් මැද්දේ ඉද්ද සමන් ඉපෙනවා
වෙල් බැද්දේ වගුරු පුරා කෙකටිය දළු දිලෙනවා
ගේ මැද්දේ බරණි පුරා වී අස්වනු පිරෙනවා
හිත මැද්දේ ලොකු අඩුවක් මගේ සතුට මකනවා

ආල හැඟුම් මං හින්දා.....

ගමෙන් ඈත සිදාදියේ ලොකු නුවරක් තියෙනවා
මාල වළලු අරුමෝසම් එහි ඇති බව කියනවා
දෙමාපියන් ගමෙන් පිටට මා දෙන්නට හදනවා
සිදාදියෙන් කුමාරයෙක් මා බලන්න වඩිනවා

බිංදු බිංදු මල් වැස්සේ.....
ආල හැඟුම් මං හින්දා.....


ගායනය : එඩ්වඩ් ජයකොඩි 
Artist : Edward Jayakodi

අඩවන් වූ දෙනෙතින් ගලනා Adawan Wu Dhenethin Galana

අඩවන් වූ දෙනෙතින් ගලනා
මෙත් මුදිතා කරුණා දහරා..........//

තෙමා තෙමා හද ගලා ගලා යන
ලොව් තුරු ගුණ මහිමේ
මහමෙවුනා උයනේ
සමාදී බුදු පිළිමේ........

පිරි ඉතිරි යන මහා වතුරක් සේ
ගලා හැලෙන සිහිලැල් ගගුලක් සේ
ගිමන් නිවාලන මේ භව කතරේ
නිවන් සදාලන බුදුගුණ මහිමේ.....


අඩවන් වූ දෙනෙතින්... 

ගායනය : W.D. අමරදේව
Artist : W.D. Amaradhewa

ලොවේ වෙසෙන - Lowe Wesena

ලොවේ වෙසෙන හැම සතුනටම..
බුද්ධං සරණේ සරණයි සරණයි..//
ලොවේ වෙසෙන හැම සතුනටම..
ධම්මං සරණේ සරණයි සරණයි..//
ලොවේ වෙසෙන හැම සතුනටම..
සංඝං සරණේ සරණයි සරණයි..//
ලොවේ වෙසෙන හැම සතුනටම..
මේ තුන් සරණේ සරණයි සරණයි..//

දොහොත් මුදුන් දී වැන්දා..
පසඟ පිහිටුවා වැන්දා..
පෙරළි පෙරළි අපි වැන්දා..
අපේ බුදුන් අපි වැන්දා..

සසර කතර අතරමංව..
හසර නොදැන සිටි සතුනට..
විතර නොමැති කරුණාවෙන්,
යහ මග පෑවා..
ගුණෙන් පිරුන පිනෙන් පිරුන,
මහා ගුණවතා..
මහා පින්වතා..

දොහොත් මුදුන් දී වැන්දා..
පසඟ පිහිටුවා වැන්දා..
පෙරළි පෙරළි අපි වැන්දා..
අපේ බුදුන් අපි වැන්දා..

දුකට පෑව දයා ගුණේ..
සැමට පෑව එක සම සේ..
දුකට පිහිට වී සැමගේ,
සෙත සැලසූවා..
ගුණෙන් පිරුන පිනෙන් පිරුන,
මහා ගුණවතා..
මහා පින්වතා..

දොහොත් මුදුන් දී වැන්දා..
පසඟ පිහිටුවා වැන්දා..
පෙරළි පෙරළි අපි වැන්දා..
අපේ බුදුන් අපි වැන්දා..


ගායනය : සේනානායක වේරලියද්ද
Artist : Sensnsyska Weraliyadda

ඇසේ මතුවන - Ase Mathuwena

ඇසේ මතුවන කඳුලු බිඳු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ නැළවෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්

ඉහළ නිල්වන් අහස විනිවිද
නැගෙන ඔබගේ යෝධ බුදුබඳ
මගේ ගත සිත මෝහනය කර
මගේ කුදුබව පසක් කර ඇත

ඇසේ මතුවන...

කෙළෙස් මළ පිරි නුවර අතහැර
බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආවෙමි පොළෝතලයේ
අනෙක් පිහිටක් නොමැති වූ කල

ඇසේ මතුවන...

ගායනය : W.D. අමරදේව 
Artist : W.D. Amaradhewa

මේ අයුරින් අපි සංසාරේ - Me Ayurin Api Sansare

මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවෙන්න ඇති
මේ අයුරින් අපි දවසක් දා
සසර මගඩ්දි වෙන්වෙන්න ඇති

සාලිය මාලා පෙම්බැඳි දා
මම සිටුකුමරෙක් වී ඉන්න ඇති
ඒ සිටු කුලයේ කුමරිය වී ඔබ
මේ ලෙස මට රිදවන්න ඇති

ආත්ම ගණනක් ඔබ පය පාමුල
මගේ කදුලෙන් සේදෙන්න ඇති
එදත් මගේ පෙම් ආයාචනයට
අදමෙන් ඔබ හිනහෙන්න ඇති...

ගායනය : T.M.ජයරත්න
Artist : T.M. Jayarathna

පොඩි දුවගේ සිනා වැලයි - Podi Dhuwage Sina Walai

පොඩි දුවගේ සිනා වැලයි
පොඩි පුතුගේ කතා පෙළයි
ප්‍රිය බිරිඳගෙ සෙනෙහෙ විලයි
මගේ නිවන මගේ පැල්පතයි...

කටු මැටි ගෑ බිත්ති පුරා
පලිගු මැණික් එලිය දිලේ
ගොම මැටි ගෑ ගෙබිම මගේ
පියවිලි බූමුතුරුණු වගේ.....

ලබන නමුත් දුක් පීඩා
කූඩු උනොත් පුංචි පැළේ
අඹුදරුවන් අතර තුරේ
මට නිම් නැති සුවය දෑනේ....
.


ගායනය : සෝමතිලක ජයමහ 
Artist : Somathilaka Jayamaha

ඇසට අසුවන මායිමේ - Asata Asuwana Maime

ඇසට අසුවන මායිමේ
බමර සැණකෙළි මල් විලේ
ළසෝ ළැව් ගිනි ඇවිළුණා සිත
ඔබ මගෙන් වෙන්වූ දිනේ

සියපතක් මත විසුළ පිනිකැට
සැඩ සුළං වැද සර සරින් හෙත
මගෙන් රිදවුම් දෙවුණු මොහොතක
ඔබේ වත මට නැඟේ සිහියට

සතර අත පෙති විහිද විකසිත
මලේ මල් මී මමනයුරු දැක
ඔබේ ලවනත සැදුණු මී විත
මත්කළා මතකයි මගේ සිත


ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
Artist : Karunarathna Diulgane

දෛවයෝගයකින් නොවේදෝ - Dhaiwayogayakin Nowedho

දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ

ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි

නඳුන් උයනයි ස්නේහයේ ඔබ
සඳුන් සිලිලයි ජීවිතේ
සොම්නසේ ආනන්දයේ
හසරැල් තරංඟේ උල්පතයි


 ගායනය : වික්ටර් රත්නායක
Artist : Victor Rathnayaka

තරුද නිදන මහ රෑ... - Tharuda Nidana Maha Ra...

තරුද නිදන මහ රෑ...
නිදමි මහද නිදි නෑ...
මතක පොතේ කඳුළින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ...

පිණි විසිරෙන විට වටහා ගනු මැන
දෙනෙතින් කඳුළැලි ගළන තරම්...
රෑහි හඬන විට හඳුනා ගනු මැන
රෑ තුන් යාමේ හඬන හැඩුම්...

සුළඟ නොවේ මේ පාවී එන්නේ
කුටියක සිරවී හෙලන සුසුම්...
අතු අග පරවී බිමට වැටෙන්නේ
සමනල යුගයක පිපුණු කුසුම්...


ගායනය : නන්දා මාලනී
Artist : Nanda Malani 

ගඟ අද්දර මා - Ganga Addhara Ma

ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී
හද සන්තක විය අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා මුව ගොළු වූවා

ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ
පිබිදුනි ආශා ගිනිසිළු සේමා

මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා
සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම්
ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා
චමත්කාරයේ රන් රේඛා අප සැළෙන හදින් දුටුවා


ගායනය : විජය කුමාරතුංග
Artist : Vijaya Kumarathunga 

සැරයටියෙන් අපි යනෙන තුරා - Sarayatiyen Api Yanena Thura

සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමූ
සැරයටියෙන් අපි සමුගන්නාදා
ඒ ගමනත් අපි එකට යමු

ජීවන මං පෙත මලින් සැදී ගීය
යුගයක නොව ඔබ හමු වූයේ
කටු කොහොලින් පිරි කලල් වියේ මා
තනිව මියෙද්දිය හමුවූයේ

මින් මතු මංපෙත මලින් සදන්නෙමි
ළතැවුල් සෝ ගී නෑසෙන සේ
පමනක් නොව මේ සංසාරේ
උපදින වුව මතු සංසාරේ

මතු සංසාරේ මා හුරුබුහුටිව
පෙම් කරන කල එලඹෙනදා
කුලුඳුල් නැකතින් හමුවන පැතුමක්
පතනෙමි සසරින් නික්මෙනදා


ගායනය : විජය කුමාරතුංග සමගින් චන්ද්‍රලේකා පෙරේරා 
Artist : Vijaya Kumarathunga & Chandraleka Perera

ඔබ තෙමෙයි කියා බයයි - Oba Themei Kiya Bayai

ඔබ තෙමෙයි කියා බයයි
වැසි වසියි සුළං තදයි
කුඩයට ඔරොත්තු නොදෙයි
සාරිය පිට මඩ ඉහෙයි

මුහුණට හිරිකඩ වැදෙයි
සුදු මුදු මඳහස මැකෙයි
මිරිවැඩි තුළ දිය පිරෙයි
පය ලිස්සා බිම වැටෙයි


ඔබ තෙමෙයි කියා බයයි...

සළු පිළි සිරුරට ඇලෙයි
පිට මිනිස්සුන්ට පෙනෙයි
සඟවන්නෙමි ඔබ මගෙයි
දිව එන්නට මට හිතෙයි


ඔබ තෙමෙයි කියා බයයි...

ගායනය : එඩ්වඩ් ජයකොඩි
Artist : Edward Jayakodi

පායා සීත රැයේ - Paya Seetha Raye

පායා සීත රැයේ
පාවී නිල් අඹරේ
දිළෙනා තරුවේ තනිවූ තරුවේ
ඈ නෑ මා සෙවණේ

තනි තරුවේ ඔබ විලසින් තනිවී ඇත මා සසරේ
තනි තරුවේ ඔබ විලසින් තනිවී ඇත මා සසරේ
යළි මේ භවයේ නෑ හමුවන්නේ
ඈ යළි නොඑනා ඔබේ ලොවේ

මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ
මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ
රෑ තනි යහනේ මේ දුක් සිහිනේ
පමණද උරුමය ජීවිතයේ


ගායනය : විජය කුමාරතුංග
Artist : Vijaya Kumarathunga 

මරණ තුනක් ඇති මිනිසා - Marana Thunak Athi Minisa

මිනිසා මරණ තුනක් ඇති මිනිසා බලා සිටී
නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දි
පයෝධර තුඩු ඉකි බිදිද්දි සංත්‍රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන් වයන්න වීණා

නියඟලා මල් පා‍ට දේදුණු දෙබැ කර එන ගිරා කොවුලන්
පියුම් කැකුළක් තුඩින් පාරා බලෙන් පුබුදන හංසයා
බලන්න නිරුවත් දෑසින් ඔකඳ වී රිද්මයෙන්
රසා තලය කල එලි ගන්වා වයන්න වීණා කන්‍යාවි


ගායනය : අමරසිරි පීරිස් 
Artist : Amarasiri Peiris

පිපුණු මලේ රුව - Pipunu Male Ruwa

පිපුණු මලේ රුව එමල දනී දෝ..//
මලකි දුවේ උඹ හැඩ රුව බලන්නෙපා
නැති බැරි කම මුතු මාල හතක් වී..//
කඩුල්ල පැන එයි නුඹ අත කරළන දා
කටු මැටි බිත්තිය හැඩකර අඳිනා

රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ..//
නොතළන් හිත මා ආදර දියණියනේ
පාළු කණට නුඹෙ අත නොගැටෙන්නයි..//
වීදුරු කැඩපත බිම දැම්මේ

ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ..//
එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ
නොතළන් හිත මා ආදර දියණියනේ..//
පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ


ගායනය : නන්දා මාලනී 
Artist : Nandha Malani

රුවන් තාරකා - Ruwan Tharaka

 රුවන් තාරකා
නුවන් පායලා
ඉදින් හදවතේ රැදී
වේදනා නිවා//

නිසල රැයේ නැගෙන සඳේ
සිසිල වු ඔබේ
සෙවන ඇගේ සුවය ගෙනේ
නිබඳ මා වෙතේ...
නිබඳ මා වෙතේ...


තිසර විලේ පිපුනු මලේ
රැඳුනු ආදරේ
සුවඳ ගෙනේ සතර දෙසේ
යොවුන් මාවතේ...
යොවුන් මාවතේ...

රුවන් තාරකා....


ගායනය : බන්ඩාර අතාවුද
Artist : Bandara Athauda