පොඩි දුවගේ සිනා වැලයි
පොඩි පුතුගේ කතා පෙළයි
ප්‍රිය බිරිඳගෙ සෙනෙහෙ විලයි
මගේ නිවන මගේ පැල්පතයි...
කටු මැටි ගෑ බිත්ති පුරා
පලිගු මැණික් එලිය දිලේ
ගොම මැටි ගෑ ගෙබිම මගේ
පියවිලි බූමුතුරුණු වගේ.....
ලබන නමුත් දුක් පීඩා
කූඩු උනොත් පුංචි පැළේ
අඹුදරුවන් අතර තුරේ
මට නිම් නැති සුවය දෑනේ.....
ගායනය : සෝමතිලක ජයමහ
Artist : Somathilaka Jayamaha
No comments:
Post a Comment